29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමං ටයිටැනික් නැව බාර ගත්තේ අයිස් කුට්ටියේ වැදුනට පස්සේ - ජනාධිපති

මං ටයිටැනික් නැව බාර ගත්තේ අයිස් කුට්ටියේ වැදුනට පස්සේ – ජනාධිපති

තමා ටයිටැනික් නෞකාව බාරගත්තේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) බත්තරමුල්ල වෝල්ටර්ස්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බවයි.

එමෙන්ම දෙසැම්බර් මාසයේ මැද වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට හැකි වුවහොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි බවත් ප්‍රථමයෙන්ම කළ යුත්තේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ආනයන සීමා කර ඉන්ධන, පොහොර සහ ඖෂධ මිලදී ගැනීමට හැකි බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ මුලදී මෙම ක්‍රියාවලිය යහපත් නොවූවද මේ වනවිට යහපත් තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

කෘෂිකර්මාන්තය ඇතුළු හැම දෙයකින්ම බදු අය කිරීම හැර වෙනත් මඟක් අපට නොතිබූ බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.