28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමර්දනයේ පීතෘවරුන් තමයි රාජපක්ෂලා - සජිත් ප්‍රේමදාස

මර්දනයේ පීතෘවරුන් තමයි රාජපක්ෂලා – සජිත් ප්‍රේමදාස

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බවත් පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (01) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් බවත් එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

හෙට පැවැත්වෙන පාගමනට සමගි ජන බලවේගය නැතැයි ඇතැමුන් ප්‍රකාශ කරන බවත් එය සම්පූර්ණ බොරුවක් බවත් එම පාගමනට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් සමගි ජන බලවේගය ඊට සියයට සියයක්ම සිය ශක්තිය ලබාදෙන බව පැවසීය.

හෙට දිනයේ පැවැත්වෙන්නේ සාමකාමී පා ගමනක් බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එය මර්දනය කරන්නට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එම සූදානම ඉවත් කර ගන්නා ලෙසයි.