― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමහ කන්නයට ප්‍රමාණවත් කාබනික පොහොර නොමැති බවට අනාවරණයක්

මහ කන්නයට ප්‍රමාණවත් කාබනික පොහොර නොමැති බවට අනාවරණයක්

මෙවර මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 50,000ක් අවශ්‍යව තිබුණද මේවනවිට කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සතුව ඇත්තේ මෙට්‍රික් ටොන් 80,000ක පොහොර පමණක් බව අනාවරණ වී තිබේ.

කාබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රල්කාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරය කියා සිටියේ මහ කන්නයේදී සියයට 30ක් කාබනික පොහොරද, සියයට 70 ක් රසායනික පොහොරද යොදා ගනිමින් වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බවයි.

එමෙන්ම මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර සැපයීමේදී කිසියම් සමාගමක් බාල කාබනික පොහොර සැපයුවහොත් එවැනි සමාගම් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.