― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට නව සීමාවක්

මැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට නව සීමාවක්

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළදී අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර එම කාලසීමාවන තුළදී විදේශගත නොවිය යුතු බවට එම යෝජනාවේ වැඩිදුරටත් දක්වා තිබේ.