29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේසියාවෙන් වෛද්‍ය සැපයුම් තොගයක් මෙරටට

මැලේසියාවෙන් වෛද්‍ය සැපයුම් තොගයක් මෙරටට

මැලේසියාවෙන් ඇමරිකානු ඩොලර් 63,100ක වටිනාකමින් යුත් වෛද්‍ය සැපයුම් තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.

ඇමරිකානු ඩොලර් 63,100 ක වටිනාකමින් යුත් මෙම වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුද්දීන් මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මහතා වෙත ඊ‍යේ (31) සංකේතාත්මකව භාර දුන්නේය.