27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමොළය මියැදුණු පුද්ගලයෙකුගේ ශරීරාංග ලබාගැනීම සදහා ගුවනින් කොළඹට

මොළය මියැදුණු පුද්ගලයෙකුගේ ශරීරාංග ලබාගැනීම සදහා ගුවනින් කොළඹට

ශ්‍රී ලංකා ගුවන් හමුදව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව අද දින (31) බදුල්ල මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු, ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සදහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය කරන ලදි.

මෙම මෙහෙයුම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන්රථයක් ලෙස පරිවර්ථනය කර යොදාගන්නා ලදි.

මෙම මොළය මියගිය පුද්ගලයාගේ වැදගත් ශරීර අවයව වෙනත් රෝගීන් සදහා ප්‍රධානය කිරීමට සහ විශේෂයෙන්ම හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීම සදහාද යොදාගැනීමට නියමිතව ඇත