25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ලකුණු 145ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 145ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළහ වටයේ ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28ක් සහ උස්මාන් ගානි ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සිය පන්දුවාර 04 තුළ ලකුණු 30ක් ලබාදී කඩුලු 04ක් බිඳ දැමුවා.

සුපිරි පන්දු යව්මක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙ ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 145ක්.