― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇමති කංචන දයාසිරිගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු මගට

ඇමති කංචන දයාසිරිගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු මගට

ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල කරන ලද චෝදනාවෙන් තමාට අපහාසයක් වී ඇති බැවින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි සියයක් ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එන්තරවාසියක් යවා තිබේ.

මෙම එන්තරවාසිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවේ තමන් කළ චෝදනාවට එරෙහිව නඩු පවරන තෙක් බලා සිටින බවත් උසාවියේදී කාගෙ කාගෙත් රෙදි ගලවන බවත්ය.

ඊයේ (01) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

මෙම චෝදනාවන්ට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කලින් ප්‍රකාශ කළ නමුත් එම ස්ථාවරය වෙනස් වී ඇමැතිවරයා පෞද්ගලිකව නඩු පැවරීමට යාම ගැටලුවක් බවයි මහලේකම්වරයා පැවසුවේ.

ඕනෑම නඩුවකට මුහුණ දීමට තමන් සූදානම් බවත් “එයා නඩුවක් දාන තෙක් මම බලන් හිටියේ. සිද්ධියට අදාළ සියලු තොරතුරු මම හෙට අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා” යැයි ද මහලේකම්වරයා පැවසීය.