29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමං ද්විත්ව පුරවැසියෙක් කියන අයට පිස්සු - ඩයනා ගමගේ

මං ද්විත්ව පුරවැසියෙක් කියන අයට පිස්සු – ඩයනා ගමගේ

තමන් ද්විත්ව පුරවැසියෙක් යැයි පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එසේ පවසන අය එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව හෙළි කර ඇත්තේ පුවත්පත් සංවාදයක් සඳහා අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ වැරදිකරු බව ඔප්පු වන තුරු ඕනෑම අයෙකු නිර්දෝෂී බවයි.

නීතියට අනුව ඕනෑම කෙනෙක් වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂියි. මේ චෝදනා කරන අයට පිස්සු. මම ද්විත්ව පුරවැසියෙක් නම් එය ඔප්පු කළ යුතුයි