28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිස්සුන්ට විරෝධතා දක්වන්න අයිතියක් තියෙනවා - ඒකට බාධා කරන්න එපා

මිනිස්සුන්ට විරෝධතා දක්වන්න අයිතියක් තියෙනවා – ඒකට බාධා කරන්න එපා

රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැළියක් සහ පා ගමනක් අද (02) කොළඹදී පැවැත්වේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පා ගමන අධීක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම විරෝධතා රැළියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සිදුවුවහොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව මානව හිමිකම් කොමිසම පොලීසියට අවධාරණය කරයි.

පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සඳහා භාවිත නොකරන ලෙසද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලීසියට යළි අවධාරණය කරයි.