29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටේ දුෂ්කරම කාලය ඉදිරියේදී අවසන් - අගමැති දිනේෂ්

රටේ දුෂ්කරම කාලය ඉදිරියේදී අවසන් – අගමැති දිනේෂ්

රටේ දුෂ්කරම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කර ගැනීමට හැකි වන බවත් රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටළුවෙන් ගොඩ ඒමට මුළු රටම එකාවන්ව විශාල උත්සාහයක යෙදිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහා සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව සියලු දෙනා පිළිගත යුතු බවයි.

කුමන තනතුරක් දැරුවද ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් ඉදිරියේදී රුපියල කෙතරම් බාල්දු වේ දැයි සැකයක් ඇති කරගත යුතු නොවන අතර වත්මන් රජය හැකි උපරිම සවිය ආර්ථිකයට යොදා ඇති බවත්ය.