25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරස කැවිලි, චොක්ලට් හා බිස්කට්වලට උපරිම සිල්ලර මිලක්

රස කැවිලි, චොක්ලට් හා බිස්කට්වලට උපරිම සිල්ලර මිලක්

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක එහි දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බව සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එය ඊයේ (01) සිට‍ ක්‍රියාත්මක කරනු ලැබේ.

රස කැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් ,සුවඳ සබන් සහ ආනයනික චුයින්ගම් මෙම කාණ්ඩයට ඇතුළත් වනවා. ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේ දී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව සටහන් කළ යුතු වනවා.