― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදේශිකයන් සමඟ විවාහ වීමට තිබූ බාධා ඉවතට

විදේශිකයන් සමඟ විවාහ වීමට තිබූ බාධා ඉවතට

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

අද (02) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එලෙස බාධා ඇති වීමට හේතු වූ චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.