26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සහය දෙනවා - යුරෝපා සංගමය

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සහය දෙනවා – යුරෝපා සංගමය

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් සාර්ථකව ගොඩ ඒමට තම සහාය හිමිවන බව යුරෝපා සංගමය යළි සඳහන් කරනවා.

පසුගියදා පැවති නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව සඳහන් කළා.

තිරසාර සංවර්ධනය සහ සමෘද්ධිය කරා ශ්‍රී ලංකාව රැගෙන යමට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදීත් සමාජ ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීමේදීත් සහාය හිමිවන බවයි එම සංගමය අවධාරණය කර ඇත්තේ.

GSP ප්ලස් සහනයේ අධීක්ෂණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායම යාවත්කාලීන කර ඇති අතර, GSP ප්ලස් සහනය පිළිබඳ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කර තිබෙනවා.

එමෙන්ම මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව සඳහන්.