25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවකට අතවර කළ නාමල් අත්අඩංගුවට

කාන්තාවකට අතවර කළ නාමල් අත්අඩංගුවට

අලව්ව වාරියගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි විවාහක කාන්තාවකට අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

සිය බිරිඳ සමග ත්‍රිරෝද රථයෙන් අලව්වට ගොස් ආපසු නිවස බලා පැමිණෙන අවස්ථාවේදී කලක සිට වාරියගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවක් පිළිබඳව ලද තොරතුරකට අනුව සැකකරු කාන්තාවගේ නිවස ආසන්නයේ ත්‍රිරෝද රථය නවතා දමා බිරිය එහි රඳවා මත්ද්‍රව්‍ය ඇතැයි කියන නිවසට ගොස් සොයාබලන මුවාවෙන් එම කාන්තාවකට අතවර කර ඇති බව පොලිසිය පවසයි.

ඊයේ දහවල් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.