― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝලි ව්‍යාජ පන්දු රැකීමක් කළැයි බංග්ලාදේශයෙන් චෝදනා

කෝලි ව්‍යාජ පන්දු රැකීමක් කළැයි බංග්ලාදේශයෙන් චෝදනා

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරන්නේ ඉන්දීය කණ්ඩායමේ ව්‍යාජ පන්දු රැකීම හමුවේ තමන්ට හිමිකරගන්නට තිබූ මෙම තරගයේ ජය ඉන්දියාව තමන් සතුකර ගත් බවයි.

ඊයේ (02) දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ ලින්ටන් දාස් විසින්, අක්ෂා පටෙල් යොමුකළ 07 වන පන්දුවාරයේ දී ඩීප් පොයින්ට වෙත එල්ල කළ පහරක දී විරාත් කෝලි මෙම ව්‍යාජ පන්දු රැකීම සිදුකළ බවයි බංග්ලාදේශ ක්‍රීඩක නුරුල් හසන් සඳහන් කළේ.

එහිදී කෝලි විසින් සිදුකළ එම ව්‍යාජ පන්දු රැකීම තරගයේ පිටියේ විනිසුරුවරු ලෙස කටයුතු කළක්‍රිස් බ්‍රවුන් සහ මාරයිස් ඉරැස්මස්ගේ ඇස නොගැටීම හේතුවෙන් තම කණ්ඩායමට හිමිවීමට තිබූ ලකුණු පහක් අහිමිව ගිය බව නුරුල් පවසා සිටියා.

ඉන්දීය ක්‍රීඩක අර්ෂදීප් සිං විසින් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත යොමුකළ පන්දුව තමා වෙත ලැබූ බවට මවා පාමින් කෝලි මෙම රංගනය සිදුකළ බව දැකිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එහිදී විනිසුරුවන් කෝලිට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ව්‍යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු 05 කණ්ඩායමට නොලැබීම හේතුවෙන් තමන් සතු වන්නට තිබූ ජයක් මඟ හැරී ගිය බව නුරුල් ප්‍රකාශ කර සිටියා.