28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි වෙද්දි ඩොලර් එකක් 250ට බහිනවා - හරින් ප්‍රනාන්දු

ජුනි වෙද්දි ඩොලර් එකක් 250ට බහිනවා – හරින් ප්‍රනාන්දු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන ණය පහසුකම සඳහා වන ගිවිසුම ඉදිරි මාසය තුළ අත්සන් කිරීමට නියමිතයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාව තුළ ණය පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සති දෙකකට පෙර zoom හරහා පැවැති කැබිනට් රැස්වීමට සහභාගි වූහ.

ගිවිසුම අත්සන් කරන දින පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ඒ සමගම රටේ පවතින තත්ත්වය තවදුරටත් පැවතියහොත් ලබන වසරේ ජුනි මාසය වනවිට ඩොලරයේ අගය රුපියල් 250 දක්වා අඩු කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.