ඇතැම් රෝහල්වල පැරසිටමෝල්වල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ වර්ග 1300කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිත කෙරෙන බවත් ඒ අතර පවතින ඖෂධ වර්ග 383ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සලකනු ලබන බවත් ඒ මහතා එහිදී අවධාරණය කළේය.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ මේ වනවිට රට තුළ එවැනි ඖෂධ වර්ග 160ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.