29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවතින තත්ත්වය අනුව ලොව සංචාරය කළ යුතු පළමු රට ශ්‍රී ලංකාවයි

පවතින තත්ත්වය අනුව ලොව සංචාරය කළ යුතු පළමු රට ශ්‍රී ලංකාවයි

ලෝකයේ පවතින තත්ත්වය අනුව සංචාරය කළ යුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසයි.

එම සංගමය මේ බව අවධාරණය කළේ අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකදීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩිනමින් ප්‍රකෘතිමත් කිරීමට සිය මාධ්‍ය හරහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ආර්ථික අර්බුදයෙන් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් මිදීම සඳහා මූල්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමේ පහසුකම් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් එම සංගමය එහිදී ප්‍රකාශ කළේය.