25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅටමස්ථානාධිපති ධූරය භාර ගැනීමේ උත්සවය දේශපාලඥයන්ට තහනම්

අටමස්ථානාධිපති ධූරය භාර ගැනීමේ උත්සවය දේශපාලඥයන්ට තහනම්

හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධූරය සඳහා නම් කළ අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් එළැඹෙන 11 වැනිදා එම ධූරය භාර ගැනීමට නියමිතයි.

චාම් ලෙස උත්සවය පවත්වා සිය ධුරයෙහි වැඩ භාරගන්නා බවත් එම අවස්ථාවට දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රභූන් කිසිවෙකුටත් ආරාධනා නොකරන බවත් අභිනව අටමස්ථානාධිපති හිමියන් සදහන් කළේය.