25.6 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමත්පැන් පරිභෝජනයෙන් ශ්‍රී ලංකාව පහළට

මත්පැන් පරිභෝජනයෙන් ශ්‍රී ලංකාව පහළට

ලෝකයේ රටවල් අතුරින් මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ ආර්ථික පීඩනය රටේ මත්පැන් පරිභෝජනය මෙලෙස පහළ යෑමට හේතු වී ඇති බවයි.

එමෙන්ම මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවියද 40%ක් දක්වා අඩු වී ඇති බවද ඔහු සඳහන් කළා.

මත්පැන් මිල අධික ලෙස ඉහළයෑම සහ පුද්ගලයින්ගේ ආදායම් අඩුවීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑ ඇති අනෙකුත් සාධක බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.