32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් පරිභෝජනයෙන් ශ්‍රී ලංකාව පහළට

මත්පැන් පරිභෝජනයෙන් ශ්‍රී ලංකාව පහළට

ලෝකයේ රටවල් අතුරින් මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ ආර්ථික පීඩනය රටේ මත්පැන් පරිභෝජනය මෙලෙස පහළ යෑමට හේතු වී ඇති බවයි.

එමෙන්ම මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවියද 40%ක් දක්වා අඩු වී ඇති බවද ඔහු සඳහන් කළා.

මත්පැන් මිල අධික ලෙස ඉහළයෑම සහ පුද්ගලයින්ගේ ආදායම් අඩුවීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑ ඇති අනෙකුත් සාධක බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.