28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිෂාඩ්ගේ නීතිඥයින් වන්දි ඉල්ලා නඩු මගට

රිෂාඩ්ගේ නීතිඥයින් වන්දි ඉල්ලා නඩු මගට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම, අපහාස කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නීතිඥවරයා වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥවරයා කියා සිටියේ පි.ටී.ඒ. යටතේ මාස 7ක් රඳවා තබා ගැනීම, බොරු චෝදනාවක් යටතේ පොලීසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් ගතහැකි සිවිල් ක්‍රියාමාර්ග සම්බන්ධයෙම් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බවයි.

එමෙන්ම මේ වනවිටත් ශ්‍රේෂ්ඨාකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙන බවත් මීට සම්බන්ධ පාර්ශව වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව ගොනු කරන බවත් නීතිඥවරයා අවධාරණය කළේය.