26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීම අද සිට

වැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීම අද සිට

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා උපදෙස් ලබා දුන්නා.

ඒ, අනුව වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද (06) දිනයේ සිට ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන බවයි එහිදී සඳහන් වුණේ.

එම වැඩසටහන සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය පසුගිය පළමුවනදා සිට බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණා. ඒ, අනුව පසුගිය 01 වනදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථ 9,000ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා.

කෙසේ වෙතත් අමතර ඉන්ධන ලීටර් 05ක කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා තවදුරටත් අවස්ථාව පවතින බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර, අනෙක් පළාත් තුළ ද පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර www.wptaxi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට මේ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාව තවමත් පවතිනවා.