29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකීප දෙනෙක්ගේ වාරුවෙන් මහින්ද රාජපක්ෂ කල්ලිය නැගිටින්න හදනවා

කීප දෙනෙක්ගේ වාරුවෙන් මහින්ද රාජපක්ෂ කල්ලිය නැගිටින්න හදනවා

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව වැඩ කරනකොට, කොන්දේසි විරහිතව ඒකට විරුද්ධව පාරට බහින අපිත් එක්ක හිට ගන්න සමහරුන්ට බැරි එක සාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ කලාවැව ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව වැඩ කරනකොට, කොන්දේසි විරහිතව ඒකට විරුද්ධව පාරට බහින අපිත් එක්ක හිට ගන්න සමහරුන්ට බැරි එක සාධාරණයි. පුරවැසි අරගලය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු අරගලය වෙනුවෙන් සාමකාමීව කෙලින් හිට ගත්ත අපි එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,අරගලයක් කරන්න කොතනද අපිට ආරාධනා කළොත් අපි ඒ වෙනුවෙන් හිට ගන්නවාමයි. රටේ ජනගහණයෙන් මිලියන 5.7 කට ,ඒ කියන්නේ 26% කට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පවසනවා. ජනගහනයෙන් 96% ක් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව තිබෙනවා. උහුලගන්න බැරි කුසගින්න නිසා දරුවක් පන්ති කාමරවල කලන්තේ හැදිලා වැටෙනවා. දරුවන් සහ අම්මලා වේගයෙන් මන්දපෝෂණයට ගොදුරු වෙමින් පවතිනවා.

රටට කන්න දුන්න ගොවිජනතාව පාළු වෙච්ච කුඹුරු දිහා බලාගෙන සුසුම් හෙළන අතර රටේ තරුණ පරම්පරාව විරැකියා පෝලිමට එකතු වෙනවා. ඒ අතරේ කීප දෙනෙක්ගේ වාරුවෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය නැගිටින්න හදනවා. ජනාධිපතිවරයා බොහොම පරෙස්සමට ඒ චූදිත කල්ලියට ඔක්සිජන් දෙනවා. රාජ්‍ය මර්දනයයි රාජ්‍ය ත්‍රස්තවාදයයි රටපුරා හොල්මන් කරනවා. ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනකොට ආණ්ඩුව සහ ආණ්ඩුව ආරක්ෂා කරන්නට ඉන්න අය කලබල වෙන එක පුදුමයක් නැහැ.”