25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපතිගේ ඊජිප්තු සංචාරයේදී රටවල් රැසක නියෝජිතයින් හමුවෙයි

ජනපතිගේ ඊජිප්තු සංචාරයේදී රටවල් රැසක නියෝජිතයින් හමුවෙයි

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ගිය ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බොරූට් පහෝර්, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී අතර මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොරියානු ජනරජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මෙන්ම විශේෂ ජනාධිපති නියෝජිතවරිය වන නා කියුං-වොන් සමඟද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සකච්ඡාවක් පවත්වා ඇති අතර බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනක්ද හමු වී තිබෙනවා.