30 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවෙයි

ජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ 27 වැනි සමුළුව සහභාගිවීමට ජනාධිපතිවරයා ඊජිප්තුවේ කයිරෝ නුවරට ගිය අවස්ථාවේ මෙම හමුව සිදුව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෝප්-27 සමුළුව මෙවර ඊජිප්තුවේ ශාම් එල්-ශීක් හිදී ඊයේ (06) ආරම්භ වූ අතර එය ලබන 18 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.