30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක හතක් තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට තවදුරටත් අවදානම් තත්ත්වය බලපානු ඇති.

කෙසේවෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දෙනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

එම ප්‍රදේශයට පසුගිය පැය 24ක කාලය තුළ මිලිමීටර් 150 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී ඇති අතර අවදානම් සහිත ස්ථානවලින් ඉවත්වීමේ නිවේදනයක්ද එම ප්‍රදේශයට නිකුත් කර ඇත.