― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදේශගුණික විපර්යාස පිළිබඳ යෝජනාව සතියක් තුළ කැබිනට්ටුවට

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජනාව සතියක් තුළ කැබිනට්ටුවට

දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සතියක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සඳහන් කරනවා.

මේ අතර ලංකාව දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන ආකාරය හා ඒවා කළමනාකරණය කිරීමට අදාළ නීති රීති සකස්කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස ආවරණය කිරීමේ පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද රුවන් විජයවර්ධන පවසනවා.

ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය නිමකර මෙරටට පැමිණිමෙන් පසුව මෙම කාර්යයන් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.