32 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිල්ලනිය සිද්ධිය : සිසුන් තිදෙනෙක්ට පොලිස් ජීප් රථය තුළදී විදුලි සැර වැදීම...

මිල්ලනිය සිද්ධිය : සිසුන් තිදෙනෙක්ට පොලිස් ජීප් රථය තුළදී විදුලි සැර වැදීම ගැන පරීක්ෂණයක්

ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ගුරුවරියගේ බෑගයේ තිබූ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය හා ගුරුවරියක් විසින් ළමුන් පුස්තකාලය වෙත රැගෙන ගොස් පහර දී තිබුණු බවට වාර්තා වෙයි.

ඉන්පසුව විදුහල්පතිනියගේ දැනුම්දීම අනුව එම ළමුන් පිරිස පොලිස් නිලධාරින් පැමිණ පොලිසිය වෙත ගෙන ගොස් ඇති අතර පොලීසිය වෙත රැගෙන යන අතරතුර ජීප් රථයේදී ළමුන් තුන් දෙනෙකුට විදුලි සැර වැදී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ ඒ අයුරින් ළමුන්ව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා සිය පොලිස් ඒකකය භාරයට ගත් බවයි.

පානදුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.