29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 300ක්

ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 300ක්

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඇමරිකානු ඩොලර් මිලියන 300ක සහනදායි ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ පැවති නියෝජිතයින්ගේ රැස්වීමකින් පසු ශ්‍රී ලංකාවට මෙම ණය මුදල හිමිව තිබේ.

IDA යනු සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනදායී ණය ලබා දෙන මූල්‍ය පහසුකම් ලබාදෙන ලෝක බැංකුවේම ආයතනයකි. එසේම මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක (MIC) තත්ත්වයෙන් අඩු ආදායම්ලාභී රටක (LIC) තත්ත්වයට තාවකාලිකව පහත හෙළීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ඉල්ලීම IDA විසින් සමාලෝචනය කර තිබේ.

මෙය සිදුකිරීම මගින් ශ්‍රී ලංකාවට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට අවස්ථාව උදා වෙයි.