26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරණ - මිල්ලනිය විදුහල්පති හා පොලිස් නිලධාරින් ළමා අධිකාරියට කැඳවයි

හොරණ – මිල්ලනිය විදුහල්පති හා පොලිස් නිලධාරින් ළමා අධිකාරියට කැඳවයි

හොරණ මිල්ලණිය සිදුවීමට අදාළව එම පාසලේ විදුහල්පතිවරිය ඇතුළු ගුරුවරියකට හා පොලිස් නිලධාරීන් තිදෙනෙක්ට හෙට (08) දිනයේදී ජාතික ළමාරක්ෂක අධිකාරය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වසරේ සිසුන් තිදෙනක් විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලි සැර වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් මෙලෙස ළමාරක්ෂක අධිකාරිය හුම්වට කැඳවා තිබේ.