30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇත්ගොව්වා එළොව යැවූ පින්නවල ගැමුණු හස්තියා

ඇත්ගොව්වා එළොව යැවූ පින්නවල ගැමුණු හස්තියා

පින්නවල අලි අනාථාගාරයේ අලියෙකුගේ පහරදීමෙන් ඇත් ගොව්වෙකු අද (08) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැමුණු කණ්ඩුල නැමති අලියා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරකෑමෙන් ජීවිතක්ෂයට පටත්ව ඇත්තේ කඩුවෙල – නවගමුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අලියාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

මේ අතර උඩවලව ඇත් අතුරු සෙවණේ වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයේදී හීලෑ අලියෙකු සිදුකළ පහරදීමකින් ඊයේ (07) දිනයේදීද එහි සේවකයෙකු මිය ගියා.