― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsක්‍රිකට් ආයතනයේ නිලධාරින්ට ක්‍රීඩා අමාත්‍යංශයෙන් කැඳවීමක්

ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ට ක්‍රීඩා අමාත්‍යංශයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සියලු සාමාජිකයන් අද (08) දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බව සඳහන්. ඊට අමතරව මෙම හමුවට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද සහභාගි වීමට නියමිතයි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ ඇතැම් සාමාජිකයන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින සාමාජිකයන් කිහිපදෙනා මෙම හමුව සඳහා එක්වීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ නිලධාරීන් හා ඔවුන් වෙනුවෙන් වැයකළ මුදල් පිළිබද වාර්තාවක් මෙහිදී ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.