27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් රාජපක්ෂ ධනුෂ්ක බේරගන්න හැදුවද?

නාමල් රාජපක්ෂ ධනුෂ්ක බේරගන්න හැදුවද?

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක ආරක්ෂා කරන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවට වාර්තා පළ වී තිබේ.

කුමන හෝ බලපෑමක් යොදා ඔහු ආරක්ෂා කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහෙත් නාමල් රාජපක්ෂ මෙම තොරතුරු ප්‍රතික්ෂේප කර ඇත.

ට්විටර් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට මෙවැනි චෝදනා එල්ල කිරීම මුළු රටටම අපකීර්තියක් ගෙන දෙන බවයි.

එමෙන්ම තමන් ඉල්ලා අස්වීමෙන් පසු කිසිවිටෙක ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයට කිසිදු පදනමකින් මැදිහත් වී නොමැති බව නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් පෙන්වා දී තිබේ.