29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනාවික හමුදා බාරයට පත් ඉන්දීය ධීවරයින් 15 දෙනාගෙන් දෙදෙනෙක් රෝහලට

නාවික හමුදා බාරයට පත් ඉන්දීය ධීවරයින් 15 දෙනාගෙන් දෙදෙනෙක් රෝහලට

තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදී නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 15 දෙනාගෙන් දෙදෙනෙකු අසාද්‍ය තත්වයේ සිටීම හේතුවෙන් මන්නාරම් මහරෝහලට ඇතුලත් කළ බවට මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය පැවසීය.

තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදී අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක සිටි 15 දෙනෙකු උතුරුමැද නාවික විධානය විසින් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ධීවරයින් 15 දෙනා අතර අවුරුදු 15 ක් වයසැති කුඩා පිරිමි දරුවෙකුද සිටින බව ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පැවසූහ.

අදාල ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව නාවික හමුදා නිලධාරීන් විසින් ධීවරයින් පිරිස මන්නාරම ධීවර පරික්ෂක නිලධාරීන්ට භාරදුන් අවස්ථාවේදී අවුරුදු 29 සහ 32 හැවිරිදි වයස්හි පසු වූ ධීවරයින් දෙදෙනෙකු දැඩි අසාද්‍ය තත්වයක සිටි බැවින් ඔවුන් තලෙයිමන්නාරම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම් මහරෝහලට මාරුකොට යවනු ලැබීය.

අත්අඩංගුවට ගත් සෙසු ධීවරයින් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.