27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝක්කු බටයක සිර වී අලි පැටවෙකු ජීවිතක්ෂයට

බෝක්කු බටයක සිර වී අලි පැටවෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුව, අරලගංවිල, 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කු බටයක් තුළ සිරවූ අලි පැටවෙකු අද (08) උදෑසන මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී නිළධාරීන් සඳහන් කරනවා.

එම අලි පැටවා තවත් අලි රෑනක් සමඟ කුඹුරුයායේ ඊයේ (07) උදෑසන සැරිසරමින් සිට ඇති අතර, අලි පැටවා ඇළට වැටී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිරව ඇති බවයි වාර්තා වුණේ.

පසුව ප්‍රදේශවාසින් විසින් ඒ සම්බන්ධව මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාශය කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එම කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනෙකු සහ වනජීවීන් නිලධාරින්ද පැමිණ අලිපැටවා බෝක්කු බටෙන් ගොඩගැනීමට පැය කිහිපයක් උත්සාහ දැරුව ද එය අසාර්ථක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජී. වීරසේන සඳහන් කළේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චිට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් කර ඇති බවත්, ඔහු පැමිණ අද (08) දහවල් අලිපැටියා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සිදුකිරීමට නියමිතව තිබූ බවයි.