31 C
Colombo
Monday, October 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට බිත්තර වික්කොත් වැඩ වරදී

වැඩි මිලට බිත්තර වික්කොත් වැඩ වරදී

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අදාළ වැටලීම් සිදුකරන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ. මේ අතර වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

කුකුළු ව්‍යාපාරිකයින් ගොවිපොළ වසා දැමීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ, සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බවයි.