― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආණ්ඩුව හංගපු IMF ගිවිසුම හර්ෂ පාර්ලිමේන්තුවට ගෙනෙයි

ආණ්ඩුව හංගපු IMF ගිවිසුම හර්ෂ පාර්ලිමේන්තුවට ගෙනෙයි

ආණ්ඩුව මෙතෙක් සගවාගෙන සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඇතුළත් ගිවිසුම ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් අද (09) පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා IMF ගිවිසුම පෙන්වද්දී වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කලබලයට පත්ව කියා සිටියේ මෙය සංවේදී කරුණක් බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ වගකීම් සහිත විපක්ෂයක් ලෙස තමන් එය සිදු නොකරන බවයි.