23.9 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති දිවයිනට පැමිණි විගස නාමල් ඇතුළු රැසකට ඇමති පට්ටම්

ජනපති දිවයිනට පැමිණි විගස නාමල් ඇතුළු රැසකට ඇමති පට්ටම්

දැනට පවතින කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදු කිරීමට නියමිත බව පොදිජන පෙරමුණු ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඊජිප්තු සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු එම අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරතන, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ, වනජීවි හේෂා විතානගේ පත් කිරීමට නියමිතව ඇති බවයි.

එරාන් වික්‍රමරත්න ඇමති ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.