මේ වසරේ මුල් මාස නවය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් සිසුන් 81 දෙනෙක් පමණ පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පුනරුත්ථාපනය සඳහා යොමු කළ අය අතර අවුරුදු 1 ත් 14 ත් අතර ළමුන් තිදෙනෙකු සහ අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් 78 දෙනෙකු සිටින බවයි.
අයිස් වැනි භයානක මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියා කිරීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවත් වස, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත ජනවාරි මුල් සතිය වන විට පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.