― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැටි ඇමති පොහොට්ටු ලේකම්ට කුණුහරුපෙන් බැනලා

මැටි ඇමති පොහොට්ටු ලේකම්ට කුණුහරුපෙන් බැනලා

පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ට ඊයේ (08) කුණුහරුපෙන් බැණවැදී ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ මෙම බැණ වැදීම සිදුකර තිබේ.

මම කෝපා කමිටුවෙන් අයින් කරලා. හේතුව මොකක්ද?” රාජ්‍ය ඇමැතිවරයා මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ. “අගමැතිතුමාගෙන් ඒ ගැන අහන්න” සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ පිළිතුර වී ඇත.

මේ වෙලාවේ ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව රැකගන්න ඕනි. දේශපාලන ප්‍රශන ඇති කරන්න එපා. මම ඉවත් කළේ ඇයි කියලා අම්මට ……… කියපන්” රාජ්‍ය ඇමැතිවරයා සාගර කාරියවසම්ට බැණ වදිමින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ සාගර කාරියවසම් මහතා පරීක්ෂණයක් අවශ්‍ය බව පොහොට්ටු ප්‍රධානීන්ට දන්වා ඇතැයිද වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කුණුහරපෙන් බැණවැදීම ප්‍රසිද්ධ කාරණාවක් වන අතර ඔහු පසුගියදා කැලණිය ප්‍රදේශීය සභාවේ සභාවාරයකට පැමිණ එහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාට නිලධාරීන් හා මන්ත්‍රීවරුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ජනපතිවරයාට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.