27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමොන ලොක්කෙක් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා - මහින්ද අමරවීර

මොන ලොක්කෙක් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා – මහින්ද අමරවීර

යාල සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවත් අවශ්‍ය වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බවත් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලතල විමර්ශන නිලධාරීන්ට පවරා ඇති බව ඔහු ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වගකිව යුත්තන් කුමන තරාතිරමක සිටියත් නීතිය ඉදිරියට පමුණුවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ සිද්ධිය පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ඊට සම්බන්ධ වාහනවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.