31 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවඳුරු උණ හේතුවෙන් ගබ්සා වීමේ අවදානමක්

වඳුරු උණ හේතුවෙන් ගබ්සා වීමේ අවදානමක්

වඳුරු උණ රෝගය වැළැක්වීම සඳහා නිසි ලෙස අත් සේදීම සහ සනීපාරක්‍ෂාව ඉතා වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

මෙම රෝගය සම, මුඛය හා ලිංගික සම්බන්ධතා හරහා රෝගය පැතිර යන අතර මේ හේතුවෙන් මෙවැනි රෝග ලක්ෂණ පවතින අයෙකු නම් දින 21ක් ලිංගික සබඳතාවල නොයෙදෙන ලෙසත්, මෙම රෝග ලක්ෂණ සමීපව නිරීක්ෂණය කරන ලෙසත් වෛද්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලයි.

එමෙන්ම වයස අවුරුදු 8ට අඩු ළමුන් සහ ගර්භනී කාන්තාවන් තුළ මෙම වඳුරු උණ රෝගය වැළඳුනහොත් එය බරපතල විය හැකිය. එමෙන්ම ගර්භනී කාන්තාවන්ගේ කළලය ගබ්සා වීමටද මෙම රෝගය හේතු විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

එමෙන්ම වෛද්‍යවරයා ඉල්ලා සිටියේ උණ සමඟ සමේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල්වලට හෝ වෙනත් පොදු ස්ථානයකට නොයවන ලෙසයි.