25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsGIT විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

GIT විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

විභාග දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම කාලය නොවැම්බර් 25 දක්වා දීර්ඝ කර තිබේ.

මෙම විභාගය අපොස උසස් පෙළ 2022 (2023) විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ නොපැවැත්වෙන අතර විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම විභාගයට අයදුම් කළ හැක්කේ 2019, 2020, 2021 හා 2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට පමණක් වන අතර අයදුම්කරුවන්ට පෞද්ගලිකව මෙම විභාගයට ඉදිරිපත් විය නොහැකි බවත් සියලුම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තමන් ඉගෙනුම ලැබූ පාසලේ විදුල්හල්පති මගින් පමණක් බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමක් අවශ්‍යනම් පහත දුරකථන ඔස්සේ විමසීම් කළ හැකිය.

ඍජු දුරකථන අංක -1911, 0112 786 616 / 0112 784 537 / 0112 784 208

ෆැක්ස් – 8211, 0112 784 422
පොදු දුරකථන අංක – 8211, 0112 786 200 / 0112 784 201 / 0112 785 202