ඉන්දියාවේ අරුනාචල් ප්රදේශ ප්රාන්තයේ අද (10) උදෑසන භූ කම්පනයක් හටගෙන තිබේ.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.7 ක අගයක් ගෙන ඇති අතර අරුනාචල් ප්රදේශ් ප්රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්රික්කයට මෙම භූ කම්පනය බලපා ඇත.
අද උදෑසන 10.31 ට පමණ ඇති වූ මෙම භූ කම්පනය පොළවේ සිට කිලෝ මීටර 10 ගැඹුරින් හටගෙන ඇති අතර මේ හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.