― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉහළින් ආ නියෝගයක් නිසා මාධ්‍යවේදීන් දෙදෙනෙක් CIDයට

ඉහළින් ආ නියෝගයක් නිසා මාධ්‍යවේදීන් දෙදෙනෙක් CIDයට

මාධ්‍යවේදීන් දෙදෙනෙකු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් ආණ්ඩුව දිගටම මේ ආකාරයට කටයුතු කළොත් තවත් අරගලයක් අත ළඟ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මයන්ත දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා පොලීසියට කැඳවා ඇත්තේ මුහුණුපොතේ තිබූ පෝස්ටුවක් ශෙයා කිරීම හේතුවෙනි.

මෙලෙස පොලීසිය හමුවට කැඳවා ඇත්තේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර යන දෙදෙනායි.

මයන්ත දිසානායක පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉහළින් එන නියෝග කියා ඔවුන් නිතරම අත්අඩංගුවට ගන්නා බවයි.

ලෝකයේ අරගල ඇතිවුනේ තරුණයන් පාරට බැස අරගල කළ නිසා බවත් මේ ආකාරයට ජනමාධ්‍යයට හිරිහැර කිරීම නතර කරන්නැයි තමා රජයෙන් ඉල්ලා සිටින බවත් අවධාරණය කළේය.