24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාගේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝග

ඩයනාගේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝග

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

දෙසැම්බර් 15 වැනිදා එම පැමිණිල්ල නැවත කැඳවීමටද නියෝග කළේය.