31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොමැතිව සේවයෙන් බැහැරව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ අනුව නැවත රෙපෝර්තු කිරීමකින් තොරව මෙම කාලය තුලදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්විය හැකි බවයි.

මෙම පොදුසමා කාලය ලබන 15 දින සිට දෙසැම්බර් 31 දක්වා ලබාදී ඇති අතර මේ වසරේ ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණක් මෙය වලංගු බවයි.

තවද ආරක්ශක අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ ඔවුන් වෙතින් අය විය යුතු යම් මුදලක් වේ නම් එය නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර ගෙවිය යුතු අතර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොනිමි විනය කටයුතු නොපැවතිය යුතු බව සහ නීතිවිරෝධී ක්‍රම මගින් විදේශ ගත වු හෝ විදේශගත වීමේ දී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගැනීම ද අවශ්‍ය බවයි.