32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට

බ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා ඊයේ (09) දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඒ තෙදින නිල සංචාරයක් සඳහායි. මෙම සංචාරය තුළදී මෙරට වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ව්‍යාපාරික සහ රජයේ පාර්ශව රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

තවද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරීත්වයේ අන්‍යෝන්‍ය වර්ධනයක් ඇතිකර ගැනීම, දෙරට අතර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි.