27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහියංගනයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට

මහියංගනයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට

මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී ගුණවර්ධන පසුගිය සභා වාරයේදී මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් හට වතුර බෝතලයකි පහර දුන් බවට සිදුකළ පැමිණිල්ලකට අනුව අද (10) දින මහියංගන පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය සභා භූමියට පැමිණ සභාපතිතුමන් අත්අඩංගුවට ගෙන හියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

අද (10) 2023 වර්ෂය සඳහා මහියංගන ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමද සිදුකරන ලැබූ අතර එම ඡන්ද විමසීමෙන් සභාපතිවරයා 13 ට 07ක් ලෙස ජයග්‍රහණය ලැබීය.

2023 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය 13ක් හා එයට විරුද්ධව ඡන්ද 07ක් එහිදී ප්‍රකාශයට පත් වූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැමිණ සිටියේ නැත. අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු සභාපතිවරයාගේ නිල කාමරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.